Home ASIA Sri Lanka Lankadeepa Online|| මරණීය දණ්ඩනය ලබා සිටි තවත් අයෙක් ගෙදර යයි

Lankadeepa Online|| මරණීය දණ්ඩනය ලබා සිටි තවත් අයෙක් ගෙදර යයි

Lankadeepa Online|| මරණීය දණ්ඩනය ලබා සිටි තවත් අයෙක් ගෙදර යයි



(නිමන්ති රණසිංහ)

 


මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව වසර 05ක් බන්ධනාගාර ගත ව සිටි යුධ හමුදා විශේෂ බලකා දිගදුර විහිදුම් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

 

අද (26) උදෑසන 9.30 ට පමණ වැලිකඩ බන්ධනාගාරයේදී සුනිල් රත්නායක මහතා මෙලෙස නිදහස ලබා පිටව ගිය බවත්, එම අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ද සහභාගී සිටි බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.